දිල්ලිය අවට සංචාරය කිරීම

උදේ පාන්දර 4.15 ට අවදි වුණා. මුහුණ ‍හොදලා රැවුල කැපුවා. උදේ කිරිතේ එක බීවා.

උදේ කැමට තිබුනේ කඩල. කඩලා කාලා දවල්ටත් බත් කන්න බැරි නිසා කඩල ගත්තා. උදේ 8.45 ට බස් දෙකක් ආවා. පිටත් වුණා උදේ 9.15 ට ඉන්දියා මහාබොධි සමාගමෙන්. දිල්ලියේ ප්‍රධාන පංසලට ආවා. මේ පංසල 1891 දී අනගාරික ධර්මපාල තුමා විසින් මුල්ගල තබන ලද්දකි.

ශ්‍රී ලක්ෂ්මී නාරායන් පන්සල මහාබෝධි විහාරය අසල පිහිටා ඇත. එය මහා සිටුවරයෙකු විසින් සාදන ලද්දකි. සිටුවරයා බිරුලා. ඔහු වසින් ශ්‍රී මහා බෝධි මන්දීරය සදා ඇති බව දන්වයි. මෙහි ඇති මාලිගාව සුර අසුර යුද්ධය සිදුවී ඇති ස්ථානය බව සදහන් කර ඇත. මෙම දිල්ලිය පෙර දවද “කුරුරට” බව සදහන් කර ඇත.

ඉන් පසු ශ්‍රී නේරුතුමාගේ නිල නිවාසය නැරඹීමට ගියා. නිල නිවාසය ඉදිරිපිටට ගියාම අබ්දුල් කලාම් මහතාගේ රාෂ්ඨපති බවන (ජනාධිපති මන්දීරය) පෙනේ. නේරුතුමාගේ නිල නිවස ඉදිරිපිට නොනිමෙන පහන් දෙකක් ඇත. ඒවා ගෑස් භාවිතා කරමින් දල්වා ඇත. ඒවා කිසිම දිනෙක නොනිමෙන බව පෙනේ.

ශ්‍රී නේරුතුමාගේ නිල නිවාසය

ඊට පසු ඉන්දිරා ගාන්ධි මහත්මියගේ නිල නිවස බැලීමට ගියා. එතුමියගේ නිල නිවෙස එතරම් විශාල එකක් නොවේ. අමුත්තන්ගේ කාමරය ඉතාමත් සරළ ආකාරයට ඉදිකර තිබේ. ඇය තම නිවසේ සිට අමුත්තන් හමුවීමට යන අතර තුරේදී සීක් ජාතික මුරකරුවෙකු වෙඩි තැබූ ස්ථානය රෝස මලක් තබා ඉදිකර තිබේ. එතුමියගේ ඒ දවසේ ලේ තැවරුණ රෙදි, සපත්තු ජෝඩුව , අත්බෑගය, හිස් වැස්ම යනාදිය අදටත් ප්‍රදර්ශනයට තබා ඇත.

රජුව් ගාන්ධි මහතාට බෝම්බ ගැසූ ස්ථානය

ඉන් පසු රජුව් ගාන්ධි මහතාට බෝම්බ ගැසූ ස්ථානය. පිලිස්සුණු රෙදි සපත්තු යුගලය ප්‍රදර්ශනය සදහා තබා තිබුණි මේ හැම නේරු නිල නිවස අසල පිහිටා තිබේ. මහත්මා ගාන්ධි තුමාගේ කෞතුකාගාරය නැරබීම සදහා පෙරවරු 11 ට පමණ ආවා.  එතුමාට වෙඩි තබන ලද ස්ථානය හා පිළිරු ඉතා විශිෂ්ඨ අන්දමින් නිර්මාණය කර තිබුණි.

ගාන්ධිතුමාගේ පිළිරුව

ඔහුගේ අත් අකුරු කොම්පියුටරය මගින් විදහා දක්වනු ලැබේ. දියණිය විසින් ගායනා කරණ ලද ගිත කිහිපයක් ලබු කැටයක් මෙන් ඇති බම්බුවකට පිබීමෙන් පසු එම ගීත ඇසේ. අත් අකුරුද මෙලෙස බිත්තියකට පරාවර්තනය කර, ගාන්ධි තුමා ලියන අත් අකුරු එලෙසින්ම විදහා දක්වනු ඇත. ගාන්ධි තුමාගේ හැරමිටිය කන්නාඩි කුට්ටම සහ එකල ලියන ලද ලිපි ප්‍රදර්ශනය කෙරේ.

බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද  කුරු රට (දිල්ලිය) කවි වස්දාගම ස්ථානයට ගොස් දිවා ආහාරයෙන් පසු බැලීමට යන ලදි. එය අඩි 10 -15 උස කඳු ගැටයකි. එය බ්‍රාහ්මී අක්ෂර වලින් සදහන් කර ඇත. එහි පංසලක් හෝ ආගමික ස්ථානයක් ලෙස සදහන් වී නොවිණි මේ ස්ථානය. යකඩ කම්බි වලින් ආවරණය කර තිබුණි.

බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද  කුරු රට (දිල්ලිය) කවි වස්දාගම ස්ථානය

සවස 2.30 ට පමණ ගමන ආරම්භ කරණ ලදී. මෙහි පාරවල් තරමක් හොදයි. පාරවල් අයිනේ රුක් අත්තන ගස් ‍බොහෝමයක් වගා කොට ඇත. එම ගස් ඉතාම විශාලයි. අඩි 20 – 25 තරම් උසට වැඩී ඇත.

ඉන් පසු සවස 3.30 ට පමණ නෙළුම් පන්සල වෙත ආවා. එය ඉදි කර ඇත්තේ නෙළුම් මලක ආකාරයෙනි. විහිදීගෙන එන නෙළුම් මලක් අයුරිණි. හිංදි, මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානිහැම ආගමකම අය එතනට එනවා. දිනකට 5000 කට වැඩි සෙනගක් එනවා. එයට ඇතුල් වූ පසු දැඩි නිශ්ෂබ්ද තාවයකින් සිටිය යුතුයි.

නෙළුම් පන්සල

පාවහන් ප්‍රවේසම් කිරීම සදහා උරයක් දෙනු ලබන අතර ඒ සදහා ‍හතරැස් කාසියක් වගේ දෙයක් (ටෝගන් පතක්) දෙනු ලැබේ. එම කවරයට හැකි තරම් පාවහන් දමනු ඇත. ආපසු පැමිණීමේදී ටෝගන් පත ඉදිරිපත් කිරීමෙන් පසු සෙරප්පු ලැබෙනු ඇත. ඒ සදහා කිසිදු මුදලක් අය නොකරයි. පස්වරු 4.30 ට පමණ ආවා. හරිම සීතලයි උදේට හැන්දෑවට උණ සෙම්ප්‍රතිශ්‍යව වගෙයි. උදේට කඩල, දවල්ට කඩල, රෑට

  • බත් ‍
  • මෑ කරල්
  • ගෝවා
  • පිපිඤ්ඤා සලාද

බත් කටක් දෙකක් කෑවා. අද උදේ වන්දනාවේ ආව කෙනෙක් පසුවද එළිවෙනකොට මැරිලා. අපි නැවතුන‍ හෝටලේ. එම කෙනාට අවුරුදු 80 ක් විතර ඇති. අද දින වන්දනාව අවසන් වෙලා යන අතර තුරදි. උදේ 8.30 ටත් අවදි නොවී සිටිය නිසා සොයා බලන විට මැ‍රිලා බව දැනගන්නට ලැබුනා. එම පුද්ගලයා මහරගම ප්‍රදේශයේ.