ගමන් මග සාරාංශය

ගමන් මග

කාලය පැය

දුර කිලෝමීටර්

නිවසේ සිට කටුනායකට
කටුනායක සිට චෙන්නායි
චෙන්නායි සිට පළමු නවාතැනට
නවාතැන සිට චෙන්නායි දුම්රියපලට
දුම්රිය පළේ සිට බෝපාල්
බෝපාල් සිට සාංචියට
සාංචියේ සිට දිල්ලියට ( දුම්රිය)
දිල්ලිය නැරඹීමට
දිල්ලියේ සිට අග්‍රා
අග්‍රා සිට සංකස්ස
සංකස්ස සිට සැවැත් නුවර
සැවැත් නුවර සිට කපිලවස්තුව
කපිලවස්තුව සිට ලුම්බිණිය
ලුම්බිණිය සිට කුසිනාරාව
කුසිනාරාව සිට විශාලා මහනුවර
විශාල මහනුවර සිට බුද්ධගයාව
බුද්ධගයා‍ව තුල ඇවීදීම
බුද්ධගයාව සිට බරණැස
බරණැස සිට කොසඹෑ නුවර
කොසඹෑ නුවර සිට බරණැස
බරණැස සිට චෙන්නායි දුම්රිය පොළ
චෙන්නායි සිට ගුවන් තොටුපල
චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපල
කටුනායක සිට නිවසට

3
1
1
3
30
1
15
8
6
6
13
4
3
5
6
13
4
6
6
6
47
1
1
3

100
1200
30
3
1600
45
600
80
180
240
560
160
150
200
240
240
70
270
170
170
2450
30
1200
100

ගමනේ මුළු දුර

දින 24

10088 km

බැති බර ගමනාන්තය

උදේ පාන්දර 3.30 ට පමණ අවදි වුණා, මූණ සොදලා, රැවුල කපලා, ඇග සෝද ගත්තා, ආපසු ලංකාවට යෑම සදහා. උදේ 7.30 ට බසයෙන් චෙන්නායි ගුවන් තොටුපලට ආවා. උදේ දහයට ගුවන් තොටුපලේ බෑග් කිරුවා, අත් බෑග් වෙන්කර ගෙන, උදේ 11.15 ට පමණ ගුවන් යානයට නැග්ගා. ගුවන් යානය පෙරවරු 12.30 ට ගුවන් ගත වීමට ආසන්නයි, 12.35 වන විට ගුවන් යානය ගුවන් ගත වුණා. ඩෙටෝල් වතුරෙන් තෙමූ කුඩා සුදු වූල් ලේන්සුවක් ලැබුණා. මූණ අතපය පිසදා ගත්තා, ටෙපියක් ලැබුණා, ඒක චූටි දුවට දෙන්න තියා ගත්තා. ඊට පස්සේ ප්ලාස්ටික් වීදුරුවකට කුරුම්බා වතුර වීදුරුවක් ලැබුණා.

  • o   බත්
  • o   එළු මස්
  • o   කන්කුන් ව්‍යාංජනයක්

ඔඩොක්කුවේ එලාගන්න කහ පැහැති ලේන්සුවක් ලැබුණා. හැන්දක් ගෑරුප්පුවක් පිහියක් සමග. පිපිඤ්ඤා, කැරට් කෝප්පයක් ලැබුණා. තව චොකලට් කේක් කෑල්ලක් සමග කේප්පයක් ලැබුණා. තවද මේ සමග චූටි ගම්මිරිස් කුඩු පැකට් එකයි, ලුණු කුඩු පැකට් එකයි, දත් හාරන කූරක් සමග මින්ට් රසැති සූදුරු ඇතුල් කර සාදන ලද චූටි සීනිබෝල පැකට් එකක් හා මිලිලීටර් 200 ක පමණ වතුර බෝතලයක් ලැබුණා. මේ සියල්ලම ලැබුනේ කුඩා බන්දේසියක තියා. බත් කාලා ඉවර වෙලා චොකලට් කෑල්ලක් කෑවා. එහි චොකලට් රස වෑහෙනයවා. ඉන්දියාවේ වෙලාවෙන් හරියටම පස්වරු 1.25 ට කටුනායකට ළගා වුණා. ඉන්පසු නාරම්මල හරහා නිවසට පැමිණියා. මා ගිය මෙම වන්දනා ගමනේ මුළු දුර කිලෝමීටර් 10100 ක් පමණ, දින 24 කදී ගෙවා නිමකලේ හද පිරි බැතියෙනි.

කුසිනාරාව

උදේ 3.45 ට අවදි වුණා. කුසිනාරාව බලා යාමට සූදානම් වුණා. පෙරවරු හතට ලුම්බිණියෙන් ගමන ආරම්භ කර දහවල් 12 ට කුසිනාරාව බලා ආවා.

කුසිනාරාව

දහවල් 12.30 ට පමණ බත් සමග හාල්මැස්සන් ටිකක් කෑවා. ලුම්බිණි‍යේ සිට මග දෙපස කුඹුක් ගස් අඹ ගස් විශාල වශයෙන් දක්නට තිබුණි. තිරිගු, අබ, බී ලුණු, රතු ලූණු , කෙසෙල් ගොවිපලවල් බහුල වශයෙන් දක්නට ලැබුණා.  දේශගුණය ලංකාවේ වගේ. නමුත් තරමක රස්නය වැඩියි. කුසිනාරාව නවාතැන ළගම පංසල පිහිටා තිබේ.

සවස 3.30 ට පමණ තේ බීමෙන් පසු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්ථානයට ගියා. ඊ‍ට පසු බුදුරජාණන් වහන්සේ ආදාහනය කල ස්ථානයට ගියා ආදාහනය කළ ස්ථානයේ දැනට විශාල චෛත්‍යයක් ඉදිකර ඇත.

මල්ලව රජ දරුවන්ගේ සල් වනය

එය ඉදිකර ඇත්තේ ධර්මාශෝක රජුයි. එහි සල් ගස් ඇත. මෙම ස්ථානය එකල රජ කළ මල්ලව රජ දරුවන්ගේ සල් වනයයි. ඉන් පසු උන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය වැද පුදාගත්තා. උන් වහන්සේ පිරිනිවන් පෑ වදාළ ස්ථානයේ දැනට පිරිනිවන් මංචකයක් ඇත. උන් වහන්සේ සිංහ සෙයියාවෙන් පිරිනිව‍න් පෑ වදාළ පරිදි පිළිමයක් ඉදිකර ඇත. එය ඒ අයුරින්ම නෙලා ඇත.

සිංහ සෙයියාවෙන් පිරිනිව‍න් පෑ වදාළ පරිදි පිළිමයක් ඉදිකර ඇත

ක්‍රිස්තු වර්ශ තුන්වන සියවසේ එය ඉදිකර ඇත. දැනට නටඹුන්ව ඇති විශාල මන්දීරයක නටඹුන් ඇත. එය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ බව දැනගන්නට ඇත. සවස හයට පමණ කුසිනාරාවේ නවාතැනට එන ලදි. නෑවා, රැවුල කැපුවා. විශාලා මහනුවරට යාමට නියමිතයි. බුදුහාමුදුරුවන්ට ලේ අතීසාරය වැලදී සිටි ගඳ කුටියද කුසිනාරා පන්සල අසල පිහිටා තිබුණි.

කපිලවස්තු පුරයට

උදේ හතට කඩල කාලා ගමන පිටත් වුණා.  කපිලවස්තුපුරය දක්වා යාමට. සැවැත් නුවර සිට කපිලවස්තු පුරයට කිලෝමීටර් 160 ක් පමණ ඇති. සිදුහත් කුමාරයාගේ මාළිගා තුන මේ ප්‍රදේශයේ දැනට සොයාගෙන තියෙනවා. 1978 දී ලංකාවට වැඩම කළ කපිලවස්තු ධාතු ප්‍රදර්ශනය එහි තිබූ දාගැබක තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත. දැනට ඇති චෛත්‍යයේ මැදින් අඩි 30 ක් පමණ යටින් කරඩුවක තිබි ධාතු සොයගෙන ඇත.

බුදුහාමුදුරුවන්ගේ ධාතු නිදන් කර ඇති ස්ථානය කපිලවස්තුපුරය

සංඝාවාසයක යැයි අදහස් කෙරෙන විශාල ගොඩනැගිල්ලක නටඹුන් දැනට දැකිය හැකියි. ඊට කිලෝමීටර් දෙකක් පමණ දුරින් වෙල් යායක තවත් විශාල මාළිගාවක යැයි සිතිය හැකි ගොඩනැගිලි දෙකක් හා නටඹුන් දැකිය හැකිය හැක. එක ගොඩනැගිල්ලක ඇතුළත එකල ඉදිකරණ ලද ළිඳක් අදටක් දැකිය හැකියි.

දහවල් ආහාරය සඳහා කපිලවස්තු පුර පංසලට ආවා පෙරවරු 11.30 ට පමණ. කපිලවස්තු පුරය අසල හෝ නටඹුන් අසල හෝ වේවා කිසිම කඩයක් දක්නට ලැබුනේ නැත. ගොඩනැගිලි ආවරණය වන පරිදි අක්කර 30 ක පමණ භූමි භාගයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව මගින් සකස් කර තිබුණි.

නැවත ගමන ආරම්භ කරණ ලදී. මෙම ප්‍රදේශ වල විශාල අඹ ගස් ටර්පන්ටයින් හා විලෝ ගස් බොහෝ සේ වගා කර තිබුණි. මෙම ප්‍රදේශය අප ප්‍රදේශ හා තරමක් සමාන කළ හැකිය. ජලයද තරමක් හොදයි.

මෙහි පාසල් ගොඩනැගිලි දැනට නැත. ගුරුවරු දෙන්නෙක් සමඟ දරු දැරියන් 30 ක් පමණ ගහක් යට හිටියා. පාසැල් දරු දැරියන් මාසයකින් වත් නාලා නෑ වගේ පෙනෙන්නේ. ගුරුවරුද එසේමයි. හැම කෙනාම මඩකනයි වගේ. දහවල් ආහාරයෙන් පසුව නේපාලය බලා යන ගමන ආරම්භ කරණ ලදී.

පස්වරු 2.30 පමණ වන විට දේශ සීමාවට ඇතුල්වෙන ලදී. නේපාලයේ පොලීසිය විසින් වාහන වලට ඇතුල් වි පිරිස ගනන් කර බලා පරික්ෂා කරන ලදී. නේපාල මිනිසුන් නම් තරමක් පිරිසිදුයි, ඔවුන් රතුයි. පස්වරු හතරට පමණ වීසා ලබා ගැනීමෙන් පසු නේපාල රටට ඇතුල් වුණා. කිලෝමීටර් 15 ක් පමණ දුර ගිය තැන, නේපාලයේ බෞද්ධ විහාරයට පස්වරු හයට පමණ ආවා. දවල් කෑම එතරම් හරි නෑ. බතුයි හාල්මැස්සනුයි ටිකක් කෑවා. මිදි කිරිටොපී වගේ දේවල් තමයි පස්සේ කෑවේ. ලුම්බිණි සල් උයනේ අද දින නතර වෙනවා. ඊයේ රාත්‍රී 9 ට පමණ ලයිට් ගියා. මේ නේපාලයේ දිනක‍ට පැය දෙකක් ලයිටි කපනවා.

චෙන්නායි – බෝපාල් – සාංචිය දක්වා

දුම්රිය තුල දැන් වේලාව අළුයම 3.30 යි තාම දුම්රිය ගමන් කරනවා. අළුයම 4.30 ට දත් මැද්දා, දුම්රිය තාම ගමන් කරනවා. අළුයම 5.15 මුණ සේදුවා වැසිකිලි ගියා. දුම්රියේ යන නිසා වැසිකිලි යාම අපහසුයි. චෙන්නායි සිට කිලෝමීටර් 500 ක් පමන එන්න ඇති. උදේ 6.45ට දුම්රියෙන් කිරි කෝපි එකක් දුන්නා. උදේ නමයට පමන පාන් පෙති 4 ක් ලැබුනා. දැන් වේලාවා උදේ 9 යි තාවම ගමන යනවා. වෙලාව 9.20 යි කම්බු කෑලෑ රොදක්, කොහොඔ, වරා, කොට කිඹුලා, තේක්ක, විලෝගස්, කරද ගස් තිබුනා. පාර දෙපැත්තේ ගල් අගුරු කන්දක් දැක්කා. ලංකාවේ තියෙන සියළුම ගස් වර්ග මෙහි තියෙනවා. තව විශාල  ගල් අගුරු කන්දක් දැක්කා. බෝපාල් යන විට බලාපූර් නගරය පසු කලා දැනට කිලෝමීටර් 900 ක් පමන අවිත් ඇති. තව කිලෝමීටර් 600 ක් පමන යායුතුව ඇත. දැන් වේලාව පෙරවරු 11.50 යි පස්වරු 12.45 ට දවල් කෑම ලැබුණා දුම්රියෙන්.

  • සුදු හාල් බත්
  • රොටී 4
  • අල සමග කඩල හොදි
  • වම්බටු හොදි

මේ වෙලාවට මෙම ප්‍රදේශය තනිකර කාන්තාරයක් පේනතෙක්මානයේම ලොකු ගස් නැත. විශාල ගොවිපල වල සූර්යකාන්ත මල්. බඩ ඉරිගු හා තැනින් තැන වී වගාවන් යනාදිය දක්නට ඇත. ගම්මාන වශයෙන් තැන් තැන් වල ගෙවල් ටික ටික දක්නට ලැබේ. පොළොව වේලිලා වැස්සක් පෙනෙන තෙක් මානයේවත් දක්නට නැත. ජල යෝජනා ක්‍රම මගින් ජල පහසුකම් සපයා දී ඇත. ඒ කෙසේ වෙතත් සෑම නිවසකම පාහේ විදුලිය ලබා ගෙන ඇත.

විශාල කදු යායවල් පෙනෙන තෙක් මානයේ දක්නට ලැබේ. ඒත් ඒවා ගල් කදු නොව පස් කදුය. විශාල ගල් අගුරු කන්දක් දක්නට ලැබුණා. තැනින් තැන තේක් වගා කොට තිබුණා. එක දිගට කිලෝමීටර් 5-6 ක් පමන දුරක් පෙනෙනවා. විදුලි උත්පාදක ස්ථාන තැනින් තැන පිහිටුවා තිබුණා.

අඩි හතක් පමන උස කුඩා ගෙවල් තිබුණා. ටාටා බස්, ටාටා ලොරි, ටාටා කාර් දක්නට ලැබුණා. චෙන්නායි නග‍රයේ කිසිම තැනක බල්ලෙක් දක්නට සිටියේ නැහැ. ගෙවල් සියල්ලම පරණ ඒවා. ගඩොල් කර්මාන්තය බහුලව දක්නට ලැබුණා. ඒවා ඉතාමත් විශාල ගල් පෝරණු. ඉංජිනේරු ගල් පෝරණුවක ගල් ලක්ෂදෙකක් පමන ඇත. එක් ගල් පෝරණුවකට සති තුන හතරක් ගින්දර දමනු ලැබේ. ඉතාමත් කර්කෂ ප්‍රදේශයක්, ‍බෝගන්විලා මල් දක්නට තිබුණි.

නාග්පූර් වෙත පස්වරු තුන වන විට ලගා වුනා. පෙනුමෙන් සාමාන්‍ය නගරයක් පස්වරු 4.30 ට පමන වන විට කාර්තීර් වෙත ලගා වුනා.  සවස පානය සදහා “නෙස්කැෆේ” ඒ තේ වෙනුවටයි තවම අපි ගමන යනවා. නාරං වතු ඉතාමත් ලස්සනට ගෙඩි කහ පාටින් දක්නට ලැබෙනවා, නමුත් කර්කෂ ප්‍රදේශයක්. තව පැය පහක් පමන ගමනක් ඇතැයි මා හට සිතෙනවා.

චෙන්නායි සිට බෝපාල් දක්වා කිලෝමීටර් 1600 ක් පමණ තිබෙනවා. දැන් දුම්රියේ වේගය පැයකට කිලෝමීටර් 20 – 30 ක් අතර පමණ වෙනවා. අවට පරිසරය කිලෝමීටර් හත අටක් පමණ දුරට පේනවා. ලොකු ගස් නෑ, ඉතාම කුඩා ගස් පමනයි ඇත්තේ. විශේෂයෙන්ම නාරන් වතු පමනක් තිබෙන තැනුත් තියෙනවා. පොළොව ඉතාම වියළියි. මාස තුන හතරකින්වත් වැස්ස ලැබී නැති බව විශ්වාසයි. ජල යෝජනා ක්‍රම මගින් තිරිගු නාරං යනාදිය වගා කරනු ලැබේ.

මෙම දුම්රියේ පෙට්ටි 40 ක් ඇත. එක පෙට්ටියක දිග අඩි 60 යි. දුම්රියේ මුළු දිග අඩි 2400 ක් පමණ වෙනවා. මෙහි ජනයා 3000 ක් පමණ රැගෙන යනවා. අපේ නඩයට උදේ, දවල්, රාත්‍රී අහාර දුම්රිය මගින් සපයනවා. දැන් වේලාව පස්වරු 5.45 යි තවම ගමන යනවා. ඉමක් කොනක් නොපෙනෙන පිට්ටනි වගේ මුඩුබිම් වල තිරිගු වගා කොට ඇත. දැනට ඒවායේ අස්වනු කපා නිමකර ගෙන ඇත. පිට්ටනි නම් ක්‍රිකට් ගහන්න හොඳයි. එළ හරක්, මී හරක් , ඌරෝ, එළුවෝ බෙහෙවින් දක්නට ලැබෙනවා. බොපාල් සිට සාංචියට කිලෝමීටර් 45 ක් පමණ දුර ආවා. රාත්‍රී කෑම කෑවා.

  • බත්
  • පරිප්පු
  • සම්බෝල